පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවා.
ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේ දී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත දන්වා තිබුන ද අද (15) අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා මෙලෙස නොතීසි නිකුත් කළා.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් විසින් කරන ලද ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රන්ජන් සෙනරත් බණ්ඩාර නැමැත්තා විමර්ශනවලට අවශ්‍ය පුද්ගලයකු බවත් ඔහු රටින් පලායාමේ අවධානමක් පවතින බැවින් ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙසත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පොලිස් පරීක්ෂකවරයාට රටින් පිටවීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළා.













