මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපති ධුරය මාලිමාවට උප සභාපති ධුරය පොහොට්ටුවට

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබෙනවා.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (13) පැවැති ඡන්ද විමසීමේදීයි.

පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතු වුවද බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කරගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගය සභික ධුරය 06ක්, පොදුජන පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 02 බැගින් දිනාගත් අතර, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තා.

සභාවේ බලය පිහිටුවීමේ දී එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී තිබුණු අතර, සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය භාවිත කිරීමෙන් සභාපතිවරයා පත්කර ගත යුතුව තිබුණා.

ඒ අනුව එම අද පැවති එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ දී සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංගට හිමි වූ අතර, උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාසට හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19