රජයේ නියමිත කාර්ය පටිපාටියෙන් තොරව කටයුතු කරමින් වෙනත් පාර්ශ්වයකට වාසියක් සලසා රජයට රුපියල් ලක්ෂ 40කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හිටපු සභාපතිවරයා අද (15) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..













