Update – වරෙන්තු නිකුත් කළ විමල් අධිකරණය හමුවේ පෙනී සිටී – වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවූ බව අධිකරණයට කියයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් විරවංශ මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරයා වරෙන්තු ආපසු කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

හිටපු අමාත්‍ය විමල් විරවංශගේ වාහනේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට ඒමට නොහැකි බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම හෙට (22) දින සිදුකරන ලෙස අවවාද කර සිටියා.