22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (21) දිනයේ කතානායකවරයා වෙත ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව අදාළ තීරණය කතානායක ජගත් වික්‍රමරත්න විසින් හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 24 වනදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීම වෙනුවෙන් කාලය වෙන්කර තිබෙනවා.
එමෙන්ම 25 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.













