22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය මේ වනවිට පාර්ලිමේන්තු කතානායකවරයා වෙත ලැබී ඇති බව වාර්තා වනවා.

කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් නිගමනය හෙට (22) දිනයේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.