Update – දක්ෂිණ අධිවේගගේ සිදුවූ බරපතළ අනතුරින් වාහන 11කට හානි – පාසල් ළමුන් ඇතුළු 13ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර අද (21) උදෑසන සිදුවූ බරපතළ අනතුරින් වාහන 11කට හානි සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

පාසල් බස් රථයක්, මගී ප්‍රවාහන බස් රථයක්, කැබ් රථයක් සහ මෝටර් රථ 08ක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙක් කළුතර, නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එලෙස රෝහල් ගතකළ 13 දෙනාගෙන් 08 දෙනෙක් පාසල් ළමුන් වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

ඉදිරියෙන් අධිම වේගයෙන් ගමන් ගත් කැබ් රථයක් තිරිංග ක්‍රියාත්මක කිරීමේ දී රථය ලිස්සා ගොස් ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් අනතුරුව පිටුපසින් පැමිණි වාහනවල එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

කැබ් රථ රියදුරාගේ බරපතළ නොසැලකිලිමතකම සහ අධික වේගය හේතුව මෙම අනතුරට හේතු වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරට ලක් වූ වාහනවල සිටි සියලු මගීන් ආසනපටි පැළඳ සිටීම හේතුවන් ඔවුන්ට බරපතළ හානි සිදුව නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.