ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ තායිලන්ත නිල සංචාරය අතර තුර ඊයේ (14) බැංකොක් නුවරදී මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරන අතර, ආරක්ෂිත, විධිමත් සහ දෙරටටම ඵලදායී රැකියා අවස්ථා සඳහා මඟ සැලසෙනවා.

තායිලන්තයේ පවතින ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා මුල් අදියරේදී ශ්‍රී ලාංකිකයන් 10,000 කට රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත රජය අනුමැතිය ලබාදී තිබෙනවා.

තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික තරුණ පරපුර සඳහා පුහුණු රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමටද අවස්ථාව සැලසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32