‘මැංගුස් සටන’ ගුටි කෙළියක් වී ක්‍රිකට් උප නායකයා දැඩි සත්කාරයේ

කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලය අතර පැවැති ‘මැංගුස් සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය අවසානයේ දී ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම ගැටුම අතර තුර ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විද්‍යලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පයාගල පොලිසිය පැවසුවේ.

පාසල් දෙක අතර 13 වන වතාවට මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පැවති එක්දින තරගය කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය කිරීමත් සමඟ පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ විකට් පොලු ගලවා ගැනීමත් සමඟම මෙම ගැටුම සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම ගැටුම අතර තුර හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් උපනායකයා කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

තරඟය නැරඹීම සඳහා දෙපිළේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගණයේ සිට ඇති බවට විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48