මාතර තාරකා කොටුවෙන් මිනිස් අස්ථි කොටස් ඇතුලු කෞතුක භාණ්ඩ හමුවෙයි

මාතර තාරකා කොටුව පරිශ්‍රයේ තිබී ලන්දේසි යටත් විජිත යුගයට අයත් කෞතුක භාණ්ඩ කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, කොටුව තුළ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට කම්කරුවන් කණුවක් තැබීම සඳහා වළක් හෑරීමේදී මෙම පුරාවස්තු සොයාගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී එහි තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ද ඇතුලු කෞතුක භාණ්ඩ, පෝසිලේන් කැබැල්ලක්, දුම් බටයක් සහ මැටි නිෂ්පාදන කොටස් හමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු පොලිසිය හරහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මාතර මහේස්ත්‍රාත්වරයා විසින් කෞතුක වස්තු මෙන්ම කෞතුක වස්තු ගොඩගත් වළ ද පරීක්ෂා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම කෞතුක භාණ්ඩ මාතර තාරකා කොටුවේ කෞතුකාගාරයේ තැන්පත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, එම ස්ථානයේ කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ගොඩගත් පුරාවස්තු ලන්දේසි යටත් විජිත යුගයට අයත් බවටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48