Update – මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක්

මහර බන්ධනාගාරය තුළ මේ වනවිට නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බන්ධනගාරයේ අඩි 15ක් පමණ උස තාප්පයක් අසලට පැමිණි රැඳවියන් පිරිසක් යම් නොසන්සුතත්වයක නිරතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධරීන් සහ පොලිසිය එක්ව එම තත්ත්වය මැඩපවත්වා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර එම බන්ධනාගාරය තුළ සුළු ගිනි ගැනීම් කිහිපයක් ද සිදුව ඇති බවට වාර්තා වී තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බන්ධනගාරය අවට ආරක්ෂාව තරකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51