භූ කම්පනයෙන් චූඩා මාණික්‍යයක් බිම වැටෙයි

ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල කළ භූ චලනය සමග උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිම ඇද වැටීමෙන් හානි සිදුව තිබෙනවා.

බුත්තල, පැල්වත්ත, වැල්ලවාය සහ මොනරාගල යන ප්‍රදේශ ආශ්‍රිතව රිච්ටර් මාපකයේ එකක 3.0 ක ප්‍රබලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වය සිදු වූයේ අද දහවල් 12.15ට පමණයි.

උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති නාගොල්ලේ නන්දරතන හිමි සඳහන් කළේ ඇතිවූ කම්පනයත් සමග දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිමට වැටී හානි සිදුව ඇති බවයි.

ප්‍රදේශයේ නිවෙස්වල බිත්ති ඉරිතැලීම්, උළු හා සිවිලිම් බිමට වැටීම, දොර ජනේල්වලට සවිකර තිබු වීදුරු කැඩීම වැනි සුළු හානි සිදුව තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් රවින්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රදේශයට භු චලනය සිදුවීමත් සමග බියට පත් වූ මහල් ගොඩනැගිලිවල සේවය කරමින් සිටි රාජ්‍ය සේවකයින් ඇතුලු ජනතාව බිම් මහල්වලට බැස පැය කිහිපයක් ගත කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
9
මාර දුකයි !
18
මලපනිනව !
7
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?