බොහෝ ප්‍රදේශවලට හෙට වැසි ලැබෙන බවට කාලගුණ නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (14) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිතඅක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත්, හෙට (14) දින දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි, වෙල්ලික්කන්දල්, උඩපත්තුක්කන්දල්, පුලියම්පොක්කනේයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවත් එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08