Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,010,807 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මේ අතර මැයි මාසය ආරම්භයේ සිය මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 134,530ක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.