කියුබාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩි කරගැනීමට සාකච්ඡා

ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබානු අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම් ගත වැඩපිළිවෙල පිළිබඳවත් ද කරුණු පැහැදිලි කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සහ ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් බවත්, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික (Biotechnology) දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී උපකාර කර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා අදහස් දක්වමින් කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම මෙන්ම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන කටයුතු ද මෙරට සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම මෙන්ම ශිෂ්‍යත්ව ආදී ක්ෂේත්‍රයන්හි නව ප්‍රවේශයන් පිළිබදව ද දීර්ඝව අදහස් දැක්වූවා.

කොවිඩ්-19 සමයේදී කියුබාව නිපදවූ ‘Abdala’ වැනි එන්නත් පිළිබඳවත්, අනුව ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවත් සාකච්ඡා කළ අතර, මෙරටට බලපෑ සුනාමි ව්‍යසනය ඇතුළු හදිසි ආපදා සහ හදිසි අවස්ථාවලදී අවශ්‍ය සහය ලබාදීමට හැකි වු බව ද තානාපතිනිය මෙහි දී සිහිපත් කළා.

සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බව ද ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) මෙහි දී වැඩිදුරත් ප්‍රකාශ කළා.

මෙහිදී තානාපති වරිය කියුබාවේ නිෂ්පාදිත ආපදා සහ හදිසි අවස්ථාවන්හි දී ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් බැහැරට ගොස් ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ අඩංගු ගමන් මල්ලක්ද අමාත්‍යවරයාට හදුන්වාදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38