කෝටි 04ක මත්ද්‍රව්‍ය සමඟ හදුන්කූරු වෙළදාමේ නිරත වූවෙක් අත්අඩංගුවට

රුපියල් හාර කෝටි දස ලක්ෂ අසූ දසහක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි, ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් අද (30) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතරින් එක් අයෙක් බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බායි වාර්තා වන්නේ.

අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 වන වියේ පසුවන හදුන්කූරු වෙළදාමේ නිරත වූවෙක්.

බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නැගණිය අනෙක් පුද්ගලයා විවාහකර ගෙන සිටින අතර ඔවුන් ඥාතින් බවත් වාර්තා වනවා.

ඔවුන් අද (30) අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ පැකැට් 13 ක් ලෙස අසුරා සකස් කර ගෙන මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 104 ක ප්‍රමාණය සගවා ගෙන පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර දින 14 ක කාළයක් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15