අමෙරිකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම යහපතක් වන බවට විශ්වාස කරන්නේ නම් පමණක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යම් ගිවිසුමකට එළඹෙන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
සිංගප්පූරුව නිල සංචාරයක නිතරව සිටින පීට් හෙග්සෙත්මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා තිබෙනවා.
යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපද “හොඳ තැනක” සිටින බවත්, සාකච්ඡා “ඵලදායී” බවත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසු බව විදෙස් ,අධ්ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් එම ගිවිසුම ඇති කර ගැනීමට ඉක්මන් නොවන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් අවධ්නරණය කර තිබෙනවා.
“ජනාධිපතිවරයා එකඟ වන ඕනෑම ගිවිසුමක්, ඔහු එය සිදු කරන්නේ එය අපේ රටට සහ ලෝකයේ ආරක්ෂාවට විශාල දෙයක් යැයි ඔහු විශ්වාස කරන්නේ නම් පමණි,” ඔහු අදහස් දක්වමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.













