මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩා පද්ධති හයක් කොළඹ වරායට

රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 06ක් අද (30) අලුයම කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා.

2025 වසරේ ජූලි මාසයේ දී මෙම ධාරිතාව සහිත බැටරි 16ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර, ඉන් 06ක් මෙලෙස රැගෙනවිත් ඇති බව සඳහන්.

මෙම බලශක්ති ගබඩා පද්ධති 06 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම එක් පද්ධතියකින් දිවා කාලයේ දී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියන් ගබඩා කිරීමට හැකි අතර, ඉන් උපරිම විදුලිබල ඉල්ලුම අවශ්‍ය රාත්‍රි කාලයේ දී මෙගාවොට් 10ක් ජාතික පද්ධතියට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව මෙම පද්ධති 06න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42