ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී සදෙව්ට ලෝකඩ පදක්කමක්

හොංකොං හිදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනාදීමට සදෙව් විමන්ස රාජකරුණාට අද (30) හැකියාව ලැබුණා.

ඒ, පිරිමි මීටර් 200 ධාවන තරගයෙන්.

සදෙව් රාජකරුණා තෙවැන්නා ලෙස මෙම තරග ඉසව්ව අවසන් කළේ තත්පර 21.13ක කාලයක් වාර්තා කරමින්.