බාල මල්ලි එක්ක අනියම් සම්බන්ධයක් ගැන ඇති වූ සැකයට සැමියා බිරිඳ මරලා

උතුරු දිල්ලියේ බවානා ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී 38 හැවිරිදි පුද්ගලයෙක්‌ විසින් තම බිරිඳව ඝාතනය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බිරිඳට තම සහෝදරයා සමඟ අනියම් සම්බන්ධයක් ඇති බවට වූ සැකය මත රෙදි කැබැල්ලකින් ඇයගේ ගෙළ සිරකර ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පළමු වනදා බවානා පොලිස් ස්ථානයට නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂාකර තිබෙනවා.

එහිදී නිවසේ නාන කාමරය තුළ කාන්තක් මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, කාන්තාවගේ ගෙළ වටා කළු ස්කාෆ් එකක් තදින් බැඳ තිබී ඇති ආකාරයයි නිරීක්ෂණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගොස් සිටි 32 හැවිරිදි කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් මෙම ඝාතනය සිදුකළ බවයි.

තම බාල සොහොයුරා සමඟ බිරිඳට අනියම් සම්බන්ධතාවය ඇති බවට වූ සැකය මත තමන් මෙම අපරාධය කළ බවයි ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.

මේ අතර තම සැමියාගේ බාල සහෝදරයා සමඟ ඇති අනියම් සම්බන්ධතාවයට විරුද්ධ වීම හේතුවෙන් කාන්තාවක් එම බාල සහෝදරයා සමඟ එක් වී සැමියා ඝාතනය කළ පුවතක් සදාර් ප්‍රදේශයෙන් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

27 හැවිරිදි බිරිඳ සැමියාගේ බාල සහෝදරයා සමඟ 50 හැවිරිදි සැමියාව ඝාතනය කර ඔහුගේ මළ සිරුර කුඹුරක සඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ සැමියා ඔහුගේ පළමු බිරිඳගේ මරණයෙන් පසු යශෝධා නැමැති මෙම 27 හැවිරිදි තරුණ බිරිඳ සමඟ විවාහ වී තිබෙනවා.

එලෙස විවාහ කරගත් බිරිඳ ටික කලකට පසු සැමියාගේ බාල සහෝදරයා සමඟ අනියම් සම්බන්තා වක් ගොඩ නගාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05