බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටළු විසඳන්න ජනපති සෘජුව මැදිහත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගතයුතු පියවර පිළිබඳවද සාකච්ඡා වුණා.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.

තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වරට බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) එස්.කේ. පල්ලෙතැන්න, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ.සී.ගජනායක යන ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48