බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහා අද (25) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනා.

ඔවුන් විස්සයි විස්ස තරඟ තුනකට සහභාගී වීමට නියමිත අතර එම තරඟ සිංහල ක්‍රීඩා සමාජ (S.S.C.) ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

මීට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරග තුනක් කොළඹ සී.සී.සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

මෙම එක් දින තරඟ ලෝක කුසලාන තරග සදහා ඍජුවම සුදුසුකම් ලැබීම සදහා අදාළ වන , එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) දින පස්වරු 03.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04