spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහා අද (25) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනා.

ඔවුන් විස්සයි විස්ස තරඟ තුනකට සහභාගී වීමට නියමිත අතර එම තරඟ සිංහල ක්‍රීඩා සමාජ (S.S.C.) ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

මීට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරග තුනක් කොළඹ සී.සී.සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

මෙම එක් දින තරඟ ලෝක කුසලාන තරග සදහා ඍජුවම සුදුසුකම් ලැබීම සදහා අදාළ වන , එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) දින පස්වරු 03.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?