Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අය වැය මගින් රජයේ සේවකයන් වෙත සැළකිය යුතු වැටුප් වැඩිවීමක්

ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් මෙවර ඉදිරිපත්කර තිබෙන 2027 වර්ෂය සඳහා වූ අය වැය මගින් රජයේ සේවකයන් වෙත සැළකිය යුතු වැටුප් වැඩිකිරීමක් ලබාදී තිබෙනවා.

පසුගිය 2024 වර්ෂයේ පැවැති වැටුප් ප්‍රමාණය හා සැසඳීමේදී වර්තමානය වන විට සියළුම රජයේ සේවකයන් වෙත අවම වශයෙන් 60%ක ප්‍රතිශතයකින් වැටුප් වැඩිවී තිබෙනවා.

ඒ වගේම යම් යම් කාණ්ඩවල රාජ්‍ය නිලධාරීන්ට 77%ක ප්‍රතිශතයක් දක්වා ද මේ වන විට වැටුප් වැඩිවී ඇති බව නිරීක්ෂණය වෙනවා.

ඒ අනුව පසුගිය 2024 වර්ෂයේ I ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායකයෙකු වෙත ලැබුණු රු. 29,750ක වැටප මේ වන විට රු.20,190කින් වැඩිවී රු.49,940ක වැටුපක් හිමිවී තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙක තුළ ඔවුන්ට 67.87%ක ප්‍රතිශතයකින් වැටුප් වැඩිවෙලා තිබෙනවා.

ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය වැනි ශ්‍රේණියේ නිලධාරීන්ට 2024 වර්ෂයේ ලැබුණු රු. 88,000.00ක වැටුප මේ වනවිට රු.156,000.00ක දක්වා රු. 68,000.00කින් වැඩිවී තිබෙන අතර, එය 77.27%ක ප්‍රතිශතයකින් වැටුප් වැඩිවීමකි.

අනෙකුත් ශ්‍රේණිවල වැටුප් වැඩිවීම් සම්බන්ධ ලේඛණය පහතින් දැක්වේ.