spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසැල් ගුරුවරියක් තවත් ගුරුවරියක්ව පිහියකින් කපලා

පිහියකින් කපා පාසැල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසනවා.

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇති බව සඳහන්.

අත්අඩංගුවට 45 හැවිරිදි ගත් සැකකාර ගුරුවරිය සන්තකයේ තිබී පිහියක්ද සොයාගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ, මෙම ගුරුවරියන් දෙදෙනා පාසැල් දෙකක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී අද (19) අළුයම් කාලයේ ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවත් ය.

එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දීමටයි කටයුතු කර ඇත්තේ.

පෞද්ගලික ගැටළුවක් හේතුවෙන් මෙම අපරාධයට හේතුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බදුල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
2
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?