ප්ලේන් එකෙන් ඇවිත් බැහැපු නාවිකයා ආගමන විගමන නිලධාරීන්ට පහරදීලා

කටුනායක ගුවන් තොටුපොළ තුළ රාජකාරී කටයුතුවල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකුට, බීමත්ව, කළහකාරී ලෙස හැසිරෙමින් පහර දුන් ගුවන් මගියෙකු ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, නැවක සේවය කරන නාවිකයෙකු බවයි.

ඔහු ඊයේ දින රාත්‍රී 09.35 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණි බීමතින් සිටි ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන නිශ්කාශන රාජකාරී කටයුතුවල නිරත වී සිටි, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකුට, සිය රාජකාරී කටයුතුවලට බාධා වන අයුරින් කළහකාරී ලෙස හැසිරෙමින් පහරදීමක් සිදු කර ඇති බවයි වාර්තා වූයේ.

එම නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු බීමතින් සිටි බවට කරුණු සනාථ වී තිබෙනවා.

මෙම ගුවන් මගියා අද (04) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40