පළාත් 08කට අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ, දකුණ, බස්නාහිර, නැගෙනහිර පළාත්වලත්, වවුනියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු අද (07) 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !