spot_imgspot_img

පස් කන්දට බිලි වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ සිරුරු සොයා ගැනේ

පස් කන්දක් නිවස මතට කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද පස්වරුව වන තෙක් ආරක්ෂක අංශ සහ ආපදා මධ්‍යස්ථානයේ ගලවාගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක් ව සිදු කරන ලද දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව මෙම සිරුර හමු වූ බවයි.

මෙම ඛේදවාචකය සිදු වූයේ පෙරේදා රාත්‍රියේ දියි.

බලංගොඩ -ගවරන්හේනේ වැහින්තැන්න ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසක් මතටයි මෙම පස් කන්ද කඩා වැටුණේ.

එහිදී නිවසෙහි රැඳී සිටි එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනා පස් කන්දට බිලි වුණා.

අද දිනයේ දී සොයා ගැනුණේ ඔවුන්ගේ සිරුරු යි.

මියගියවුන් වයස අවුරුදු 45,40 (මව හා පියා) හා ඔවුන්ගේ දියණියන් දෙදෙනා වයස අවුරුදු 10 හා 16 වියෙහි පසුවන්නන්.

මෙම පස් කන්ද කඩා වැටීමෙන් අසල නිවාස තුනකට ද අලාභ හානි සිදු වූ අතර, ඉන් එක් නිවසක හිර වී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් ඊයේ බේරාගැනීමට ද ආරක්ෂක අංශ සමත් වුණා.

මෙලෙස නායගොස් ඇත්තේ බලංගොඩ – බඹරගල කන්දයි.

මේ වනවිටත් එම ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
21
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?