පස්හැවිරිදි දැරිය කෙළෙසු දෙදරු පියාට අධිකරණයෙන් ලැබුණු දඩුවම

තම නිවසට සිය දියණිය සමඟ සෙල්ලම් කිරීමට පැමිණි පස්හැවිරිදි ළාබාල දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 35 හැවිරිදි දෙදරු පියකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බරපතළ වැඩ සහිත වසර 34 ක සිරදඬුවමක් පනවා එකී දඬුවම් කාලය වසර 15 කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර තිබෙනවා . එයට අමතරව එම විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියෝග කර තිබෙන අතර එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් පෙර කී වසර 15 ක අනිවාර්ය සිර දඬුවමට අමතරව තවත් වසර පහක ලිහිල් සිර දඬුවම් ලබාදීමට විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කර තිබෙනවා

කොළඹ නාගරික ප‍්‍රදේශයක පදිංචිකරුවකු වන එම විත්තිකරු මෙයට වසර කිහිපයකට පෙර අසල්වැසි නිවසක විසූ එම දැරිය ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහුගේ දියණියව අසල පිහිටි වෙළෙඳ සලකට යවා එම දැරිය නාන කාමරයට ගෙන ගොස් එකී අපරාධය සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළ අතර දෙවන අධිචෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40