spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පස්හැවිරිදි දැරිය කෙළෙසු දෙදරු පියාට අධිකරණයෙන් ලැබුණු දඩුවම

තම නිවසට සිය දියණිය සමඟ සෙල්ලම් කිරීමට පැමිණි පස්හැවිරිදි ළාබාල දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 35 හැවිරිදි දෙදරු පියකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බරපතළ වැඩ සහිත වසර 34 ක සිරදඬුවමක් පනවා එකී දඬුවම් කාලය වසර 15 කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර තිබෙනවා . එයට අමතරව එම විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියෝග කර තිබෙන අතර එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් පෙර කී වසර 15 ක අනිවාර්ය සිර දඬුවමට අමතරව තවත් වසර පහක ලිහිල් සිර දඬුවම් ලබාදීමට විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කර තිබෙනවා

කොළඹ නාගරික ප‍්‍රදේශයක පදිංචිකරුවකු වන එම විත්තිකරු මෙයට වසර කිහිපයකට පෙර අසල්වැසි නිවසක විසූ එම දැරිය ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහුගේ දියණියව අසල පිහිටි වෙළෙඳ සලකට යවා එම දැරිය නාන කාමරයට ගෙන ගොස් එකී අපරාධය සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළ අතර දෙවන අධිචෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?