යුද හමුදාවේ නිලධාරීන් 2086 දෙනෙක්ට හෙට සිට උසස් වීම්

77 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් හා නිලධාරිණියන් 2086 දෙනෙකුට නිළ උසස් කිරීම් පිරිනමා තිබෙනවා.

හෙට (10) වන දින සිට බලපැවැත්වෙන පරිදි නිළ උසස් කිරීම් පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 234 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 215 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 312 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 398 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 559 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 368 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා තිබෙනවා.