ශ්‍රී ලංකවට එරෙහිව පාකිස්ථානය පහසු ජයක් හිමිකර ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව පාකිස්ථානය තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස්කර ගත්තා.

ඒ අනුව පාකිස්ථානය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 165ක්.

කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායම විසින් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් වැයකරමින් කඩුලු 06ක් පමණක් ලබා දෙමින් පහසුවෙන් හඹා ගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්ථානය සතුවුණා.