නේපාලයේ ගුවන් අනතුරින් මියගිය 16කගේ සිරුරු හමුවෙයි

බටහිර නේපාලයේ Pokhara හි ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් 16 දෙනෙකු ගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

සහන කණ්ඩායම් තවදුරටත් ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ සිරුරු සොයා මෙහෙයුම්වල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානය කැබලිවලට කැඩී ඇතැයි සඳහන්.

අද සිදුවූ අනතුර වසර 30කට පමණ කාලයකට පසු නේපාලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුරක් ලෙසටයි සැලකෙන්නේ.

නේපාලයේ Yeti ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ද්විත්ව එන්ජින් සහිත ATR 72 ගුවන් යානයේ කුඩා දෙදෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු සිටි බවයි ගුවන් සේවා ප්‍රකාශකයෙකු කියාසිටියේ.

යානයේ ගමන් කළ විදේශිකයන්ගේ ජාතිකත්වය මෙතෙක් තහවුරු වී නැහැ.

එවරස්ට් ඇතුළු ලෝකයේ උසම කඳු 14න් අටක් ඇති නේපාලයේ ගුවන් අනතුරු අසාමාන්‍ය සිදුවීමක් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කාලගුණය හදිසියේම වෙනස් වී අනතුරුදායක තත්ත්වයන් ඇති වීම ඊට හේතුවයි.

අද සිදුවූ ගුවන් අනතුර 1992 වසරෙන් පසු නේපාලයේ සිදුවූ දරුණුතම අනතුර බව Aviation Safety Network පෙන්වා දෙන අතර පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාර්බස් A300 යානයක් කත්මන්ඩු වෙත ළඟා වන විට කඳු බෑවුමකට කඩා වැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.

අද කඩාවැටුණු යානය අවුරුදු 15 ක් පමණ පැරණි එකක් බව ද සඳහන්.

ATR72 යනු එයාර්බස් සහ ඉතාලියේ ලියනාඩෝ ඒකාබද්ධ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද බහුලව භාවිතා වන ද්විත්ව එන්ජින් ටර්බෝප්‍රොප් ගුවන් යානයක්.

Yeti Airlines සතුව ATR72-500 ගුවන් යානා හයක් ඇති බවයි එහි වෙබ් අඩවිය පවසන්නේ.

මේ අතර මෙම ගුවන් අනතුරෙන් පසු නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?