නේපාලයේ ගුවන් අනතුරින් මියගිය 16කගේ සිරුරු හමුවෙයි

බටහිර නේපාලයේ Pokhara හි ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් 16 දෙනෙකු ගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

සහන කණ්ඩායම් තවදුරටත් ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ සිරුරු සොයා මෙහෙයුම්වල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානය කැබලිවලට කැඩී ඇතැයි සඳහන්.

අද සිදුවූ අනතුර වසර 30කට පමණ කාලයකට පසු නේපාලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුරක් ලෙසටයි සැලකෙන්නේ.

නේපාලයේ Yeti ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ද්විත්ව එන්ජින් සහිත ATR 72 ගුවන් යානයේ කුඩා දෙදෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු සිටි බවයි ගුවන් සේවා ප්‍රකාශකයෙකු කියාසිටියේ.

යානයේ ගමන් කළ විදේශිකයන්ගේ ජාතිකත්වය මෙතෙක් තහවුරු වී නැහැ.

එවරස්ට් ඇතුළු ලෝකයේ උසම කඳු 14න් අටක් ඇති නේපාලයේ ගුවන් අනතුරු අසාමාන්‍ය සිදුවීමක් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කාලගුණය හදිසියේම වෙනස් වී අනතුරුදායක තත්ත්වයන් ඇති වීම ඊට හේතුවයි.

අද සිදුවූ ගුවන් අනතුර 1992 වසරෙන් පසු නේපාලයේ සිදුවූ දරුණුතම අනතුර බව Aviation Safety Network පෙන්වා දෙන අතර පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාර්බස් A300 යානයක් කත්මන්ඩු වෙත ළඟා වන විට කඳු බෑවුමකට කඩා වැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.

අද කඩාවැටුණු යානය අවුරුදු 15 ක් පමණ පැරණි එකක් බව ද සඳහන්.

ATR72 යනු එයාර්බස් සහ ඉතාලියේ ලියනාඩෝ ඒකාබද්ධ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද බහුලව භාවිතා වන ද්විත්ව එන්ජින් ටර්බෝප්‍රොප් ගුවන් යානයක්.

Yeti Airlines සතුව ATR72-500 ගුවන් යානා හයක් ඇති බවයි එහි වෙබ් අඩවිය පවසන්නේ.

මේ අතර මෙම ගුවන් අනතුරෙන් පසු නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16