ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විදේශ සබඳතා කමිටුව (ORC) විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර නීති සම්මන්ත්‍රණය 2026 අද දින කොළඹ දී ආරම්භ වුණා.
ලබන 10 ඉරිදා දක්වා විවිධ නීතිමය තේමාවන් ඔස්සේ සාකච්ඡා කිහිපයකින් යුක්තව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි .
එංගලන්තයේ සහ වේල්සයේ නිතිඥ සංගමයේ සභාපතිනි කස්ටි බ්රිමෙලෝ (Kirsty Brimelow KC) ඇතුළු දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය සහභාගි වුණා.













