තොරතුරු කොමිසමේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කර තිබූ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව සොයා නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම ගත් තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.

මරදානේ පිහිටි සමාජය සහ සාමයික කේන්ද්‍රය වෙනුවෙන් එහි පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනු කර ඇති මෙම අභියාචනය අද අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චෝදනා පත්‍ර එවනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සරත් වීරසේකර 2021 ජුනි මාසයේදී මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් තරිඳු ජයවර්ධන තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.

එම තොරතුරු පුද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු බැවින් තොරතුරු පනතේ ප්‍රතිපාදන අනුව ලබා දිය නොහැකි බව කියමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කළ බවයි එම පෙත්සමේ සඳහන් වන්නේ.

ඊට එරෙහිව තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යංශය තම ස්ථාවරය වෙනස් කරමින් එම තොරතුරු තමන් සතුව නැති බව ප්‍රකාශ කළ බවත් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමේ සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් තොරතුරු කොමිසමෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් පෙත්සම්කරු චෝදනා කරනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තොරතුරු කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ තොරතුරු මුදාහරිණ ලෙස වැඩිදුරටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51