නාමල් රාජපක්ෂට ඇප – මිලියන 100 බැගින් වූ ශරීර ඇප 02ක් සහ ලක්ෂ 05ක මුදල් ඇපයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ⁣විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීම⁣ට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (30) නියෝග කළා.

සැකකරුට මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළා.

ලක්ෂ 5 බැගින් වු මුදල් ඇපයක්ද නියම කරනු ලැබුවා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා .

සිද්ධියට අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය පෙර නඩු දිනයේ දී අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.

එහි දී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සදහා අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙසට පෙර නඩු දිනයේ දී විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දකවමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පවසා සිටියේ එම නියෝගයේ කරුණු 03 සම්බන්ධයෙන් සලකා බැලු බවයි.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර,

” ස්වාමිනි ,මෙම අධිකරණයේ අදාළ විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද ? යන්න පළමු කරුණයි. ඒ සම්බන්ධයෙන් තවම අවසන් තිරණයට එළඹ නැහැ.එකම තත්වය යටතේ විමර්ශනය සිදු කරනවා.”

“දෙවන කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද යන්නයි. “

“ස්වාමීනි මෙය විමර්ශන දෙකකට අදාළව කරන්නේ. එම නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට අවශ්‍ය වන්නේ නැහැ. එම විමර්ශන දෙකකටම අදාළව උදෘත නිතිපතිවරයා වෙත යොමු කරලා තියෙන්නේ. ඉතා ඉක්මනින් තිරණය කරනවා මේ ගැන.”

“ස්වාමීනි, තුන්වැනි කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස අල්ලස් සිද්ධියට අදාළව අල්ලස් පනත අනුව අධ්‍යක්ෂවරයා විසින් 149 වගන්තිය යටතේ සහතියක් ඉදිරිපත් කර තිබේ ද යන්නයි. ඔව් ස්වාමීනි ඉදිරිපත් කර තිබෙනවා.” යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49