ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගය බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 63කින්.

ජපානයේ නිෂින් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් තුළ ලකුණු 165ක් ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 166ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 17යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකාව 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30