ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවති රැළියට නොදැවෙනි රැළියක් පැවැත්වීමට සැලසුම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
ඒ, සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (27) දිනය තුළපැවැත් වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුව විසින් රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා බලකරමින් මෙම රැළිය පැවැත්වෙන බවයි ඔහු පැවසුවේ.
නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.













