පෞද්ගලික හා විනෝද චාරිකා සඳහා මෙට්‍රෝ බස් රථ වෙන්කරවා ගැනීමේ පහසුකම් මෙතෙක් මෙතෙක් හඳුන්වා දී නොමැති බව ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ සමාගම පවසනවා.
මෙට්‍රෝ බස් රථ පෞද්ගලික හා විනෝද චාරිකා සඳහා වෙන්කරවා ගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවයි එම සමාගම පැහැදිලි කරන්නේ.
නිවැරදි සහ තහවුරු කළ තොරතුරු ලබාගැනීම සඳහා ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ හි නිල සන්නිවේදන මාර්ග පමණක් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.










