ඉරාන නෞකා සම්බන්ධයෙන් සහ ඇමරිකානු සම්බාධක ගැන විදෙස් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ජාත්‍යන්තර මුහුදේ අතරමං වී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයීම සිදුකළ හොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදුකරන බවට එක්සත් ජනපදය විසින් අනතුරු අඟවා ඇති බවට වාර්තා පළවනවා.

එලෙස පළවන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ සඳහන් කරන්නේ, මෙම ඇමරිකානු ද්විතීයික සම්බාධක යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොවන බවයි.

එය ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඇමරිකාවේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.

චීනය වෙත තෙල් ප්‍රවාහනය කිරීමේ වෙළඳාමට සම්බන්ධ වූ ඉරාන හෝ ඉරානය හා සම්බන්ධ නෞකා රැසක්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව එක්සත් ජනපදය විසින් නැවතත් අවහිරතා පැනවූ පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් ආසන්න මුහුදු තීරයේ අතරමංව සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා 20ක් පමණ නවතාගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගත නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56