උස්බෙකිස්ථාන කාන්තාවක් බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10ක සිරදඬුවම්

විදේශීය කාන්තාවක ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ යෙදවූ ලංකික කුලී ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (02) නියම කර තිබෙනවා.

විදේශ සිට මෙරටට රැකියා පොරොන්දු දී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන්වා, ඇයව බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළා.

2021 ජනවාරි 01 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී ඔක්සානා කර්පොවා නැමැති උස්බෙකිස්ථාන ජාතික කාන්තාව මෙලෙස ගණිකා වෘත්තිය සඳහා කුට්ඨනය කිරීම (Procuring for prostitution) සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360 අ (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩු විභාගයේ දී අනාවරණය වූයේ විත්තිකරු (ලෝරන්ස්) සහ ඔහුගේ උස්බෙකිස්ථාන ජාතික බිරිඳ (ජෙස්මින්) විසින් මෙම කාන්තාවට මසකට ඩොලර් 1,500ක වැටුපක් ලබාදෙන බවට හෝ දරුවන් බලාගැනීමේ රැකියාවක් දෙන බවට පවසා මෙරටට ගෙන්නාගෙන ඇති බවයි.

පසුව ඇයගේ ගමන් බලපත්‍රය තබාගනිමින්, තර්ජනය කරමින් හා විවිධ දඩ මුදල් අයකරමින් කොළඹ හා මීගමුව ප්‍රදේශවල හෝටල් වෙත යවා ලිංගික සේවයේ යොදවා ඇති බවයි හෙළිව ඇත්තේ.

එලෙස ලබාගන්නා මුදල් විත්තිකරු විසින් පාලනය කර ඇති අතර, එක් අවස්ථාවකදී හෝටලයකදී ලිංගික සේවය ලබාගත් පාරිභෝගිකයෙකු විසින් ඉතිරි මුදල වූ රුපියල් 5,000 ක මුදල විත්තිකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කර තිබූ බවටද බැංකු වාර්තා හා සාක්ෂි මගින් තහවුරු වුණා.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම බරපතළ සිරදඬුවම නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30