Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රාජිතට එරෙහි මෝදර ධීවර වරාය බදු දීමේ නඩු විභාගය කල් යයි

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති මෝදර ධීවර වරාය බදු දීමේ නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම කල් දමා තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් අද (2026.11.17) මෙම නියෝගය නිකුත් කළා.

2012 දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට සිදු වූ බව කියන මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් නඩුව ගොනු කර තිබෙනවා.

නඩුවේ දෙවන විත්තිකරු අසනීප තත්ත්වය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා‍.

මෙය සැලකිල්ලට ගත් අධිකරණය, අද පැවැත්වීමට නියමිතව තිබූ සාක්ෂි සටහන් කර ගැනීම කල් දමා නඩුව දෙසැම්බර් 16 වන දිනට කල් තැබුවා.

නඩුවේ සාක්ෂි දීමට කැඳවන ලද දෙවන සහ තුන්වන රජයේ සාක්ෂිකරුවන් අද අධිකරණයේ පෙනී සිටියා.