Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා වන කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වර්ෂයේ පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු නිකුත් කළබව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව, අදාළ පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ඔවුන් සදහන් කරනවා.

එමෙන්ම, සිසුන්ට තමන්ට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බවත් නිවේදනය කර තිබෙනවා.