අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල අඩුකරන බව එම සමාගම නිවේදනය කරනවා.
පාරිභෝගික කටයුතු හා වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ කළ ඉල්ලීමට අනුව පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම මිල අඩුකිරීම් සිදුකර ඇති බවට ඔවුන් නිවේදනය කරනවා.
ඒ අනුව 12Kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 5,995.00ක් දක්වා අඩුකර තිබෙනවා.
5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 2,398,00 දක්වා අඩුකර තිබෙනවා.
දිස්ත්‍රික්ක අනුව ගෑස් මිල ගණන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පාරිභෝගිකයින්ට 1345 ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස දැනුම් දී තිබෙනවා.
