Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව තානාපතිවරු පහක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

ඒ අනුව,කොරියානු ජනරජයේ නව තානාපති ලෙස Kim Youn-Jung, ස්විට්සර්ලන්තයේ නව තානාපති ලෙස Daniel Hunn , යුරෝපා සංගමයේ නව තානාපති ලෙස Sylvia Hartleif , ඊජිප්තුවේ නව තානාපති ලෙස Ahmed El-Sayed Abdel Halim Amer Helal , ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපති ලෙස Vithaya Xayavong ද තම අක්ත පත්‍ර භාරදීමට කටයුතු කළා.

ඒ වගේම නැමීබියා නව මහකොමසාරිස් ලෙස Wing Commander (Rtd) Alex L.Tukuhupwele, සිංගප්පූරු ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Patrick Daniel යන අයද අද පෙරවරුවේදී ජනාධිපති අනුරකුමාර දිසානායක වෙත සිය අක්ත පත්‍ර භාරදී තිබෙනවා.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමග සුහද කතාබහකද නිරතවුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.