Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කුරුණෑගල නගරය මැද කඩු සෙල්ලම් පෙන්වූ චන්ඩියා අත්අඩංගුවට

කුරුණෑගල බස් නැවතුම්පොළ අසල දී කඩුවක් අතැතිව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ දර්ශන ඇතුළත් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීම නොවැම්බර් 15 වන දින සිදුව ඇති අතර, එම පුද්ගලයාගේ හැසිරීම් රටාව දැක්වෙන දර්ශන පසුව සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වුණා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (16) කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තලාව, ගලබවැව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි වාර්තා වුණේ.

සැකකරු සතුව තිබූ බවට සැක කෙරෙන කඩුව ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (17) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.