Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රජයට ලක්ෂ 79කට අධික පාඩුවක් සිදු කළ ජොන්ස්ටන්ට එරෙහි නඩුව පෙබරවාරි යළි කැඳවයි

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79කට අධික පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාල ඇප මත සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ පෞද්ගලික සමාගමක හිමිකරුවකු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුව පෙබරවාරි 26 වැනිදා යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළා .

අල්ලස් කොමිසමේ නිලධාරීන්, විමර්ශනයේ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉදිරි දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුකරය පෙබරවාරි 26 යළි කැදවීමට නියෝග කළා.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් එම පුටු මිලදී නොගෙන වෙනත් පෞද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් ලක්ෂ 79කට අධික පාඩුවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබුණා.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.