Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යතුරුපැදි අනතුරකට ලක්වූ මිතුරා රෝහලට රැගෙන යද්දී මිතුරාත් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට

මිතුරන් දෙදෙනෙක් කුරුණෑගල සිට මාතලේ බලා යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටිය දී මාතලේ, යටවත්ත ප්‍රදේශයේ දී එක් යතුරුපැදියක් අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ යතුරුපැදිය මාර්ගය අසල තිබූ බුදුමැදුරක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ පිටුපසින් පැමිණි මිතුරා අනතුරින් තුවාල ලැබූ තම මිතුරාව ත්‍රිරෝද රථයකට නංවා රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.

තුවාල ලැබූ තම මිතුරා ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ඔහුද එම ත්‍රිරෝද රථය පිටුපස යතුරුපැදියෙන් රෝහල වෙත යෑමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ත්‍රිරෝද රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණි මිතුරා ද යටවත්ත, ඇහැටුවැව ප්‍රදේශයේ දී මෝටර් රථයක සහ විදුලි කණුවක ගැටීමෙන් අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

එලෙස අනතුරට ලක් වූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ත්‍රිරෝද රථයෙන් රෝහල් ගත කළ ඔහුගේ මිතුරා ද රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 සහ 24 යන වයස්වල පසු වූ මිතුරන් දෙදෙනෙක්.