Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වෙළඳ අමාත්‍යවරයා සහ ලාෆ්ස් ගෑස් සමාගම අතර අද විශේෂ සාකච්ඡාවක්

ලාෆ්ස් ගෑස් සමාගම සහ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර අද (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ එම සමාගම විසින් පසුගියදා ඉහළ දැමූ මිලින් කොටසක් අඩු කිරීමට එකඟතාවයට පැමිණ ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කළා.

ඒ, අනුව රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර, රුපියල් 1,988ක් ලෙස පැවති පැවති කිලෝග්‍රෑම් 05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමනු ලැබුවා.